උනා ආදර මුදුව
ගසා රිදවා රුදුව
හලා හල යැයි කියා
හැර ගියේ
කිම් ද මා නිරින්දූ
රැන්දු මණිමේඛලා
අන්ධ වී දෝ අරුචි
වී ගියේ
ගයා ආදර ගී ම
පෙමාතුර කොවුලාන
ආතුරව වතුර ඉල්ලා
හඬයි
සොයා පෙම මා තුළ
ම
වෙහෙස වූවා ද නුඹ
සදා සඳ අහස වුව
නො දරයි
සරා තුඟු සිරුර
මැද
සොයා ගිය පුම සුවඳ
දුබල සිත ඉරිසියාවෙන්
පුරයි
අලුත් ඉඳුවර විලක
ශෘංගාර මකරන්ද
අරන් ගෙදර ම ඇවිත්
සිත කියයි
හදවත ම එහි සිතා
නිම්නයේ හිස ගසා
වැලපි වැලපී හැඬූ
සිඟන්නී
ස්නේහයේ ඇඟිලි තුඩු
තුන් ඉරිම පිරිමදී
තුන් රැයේ තුන්
සිහින දකින්නී
අනුරාග රති සලිල
සිහිල ඉල්ලූ නුඹට
නොදුන්නා වීද පැන්
සනහලා
සිතපුරා හැම කලා
මවක සෙනෙහස තිබුණි
වරද කොහි වෙද කියන්
පෙම්බරා
2011
© Subhadra Jayasundara