සේරා



















නගරය ම විසුණු කළ සුළි සුළඟින් මිදෙනු වස් විනාඩි පහක කාලයක් පිරිසක් සමඟ අධිශීතකරණයක සැඟවී සිටි තරුණෙයකු සිය පෙම්වතිය සොයමින් ඇගේ නම හඬගසමින් නගර නටඹුන් අතර උමතුවෙන් සැරිසරයි.


අනන්තාපරිමාණ අඳුර තුළ
රුධිරය පවා ඝන වන
උණුසුම මිදී සෘණ වුණ
මරණීය සීතලට - රස්නය
වැළඳ ගත් මිනිසුන් ය - සේරා

සිර උනත් පෙනහැලි,
මගේ හෘදය ගැස්සෙන්න
අවසාන වතාවට සිපගත්ත
නුඹේ පෙම්වත් සුසුම
පුප්පුශීය ශිරා තුළ
සදාකාලික වෙලා තිබුණා

සියක් ගල් අඟුරු දුම්රිය හඬින්
නගරය ම විසුණු කළ දෘඬ සුළඟ
විලෝ ගස පැතුම හරි හැටි හැඳිණ
සුශාඛා අහසට ම ගෙන ගියා

ගුවන ඉම හිඩැස වෙත පියෑඹූ
නගරයක සොඳුරු පිරිවර සෙනඟ
ඉගිල යන දිව්‍ය අප්සරාවක්
ඒ අතර නොසිටි බව දිව්රන්න

අන්තිමට මා පමා වූ මොහොත
මේ තරම් අසංඛ්‍යය ද සේරා

අඳුර තුළ සෑම හද ගැස්මක් ම
නුඹ පිණිස යැයි සිතා
මගේ හෘදය සුරැක ගත් මොහොත
ප්‍රේමයෙන් සමාවක් දිය නොහෙන
ප්‍රේමයේ අත්‍යන්ත වරදම ය

ශිරා තුළ කකියවන ඛේදය ම
නොනිම් සවියක්ව හදවත දරා 
නොනැවතී සොයන්නෙමි සේරා
නැවතිච්ච තැන නැතුව මිනිසෙකුට
නවතින්න පුලුවන්ද සේරා

2011

© Subhadra Jayasundara