ඒස හි තුය්හ පිතා...


















චන්ද්‍ර විලේ පිපි කුන්ද වනසලා
නින්ද නොදී රෑ ඇවිත් වට කළා
මත්ත ගජින්ද තලා පොඩි කර දා
තුංග සිරුර හදවතින් වෙන් කළා

අංජන වණ්ණ සුනීල හිස පොඩිකර
හිංසක දෙපා සිවලුන් කැණහිලි කැළ
සිතුවෙද නසා දැමුවැයි ගමනක වැර
සඟවා රකිමි වැඩෙනා ගැබ පණ නල

නග්න චෞර නර නායක රුදු කැළ
උන්ට ලියාගත්තද අහසත් ඉර
කංචන උත්තම සටනට දිවිහළ
ඒස හි තුය්හ පිතා ගමනක දුර

ඉන්ද්‍ර දිගින් හිරු පායන වැස්සේ
බිංදු තුළ ම හිරු එළිය වෑස්සේ
සප්ත වණ්ණ එක මිටකට ඉස්සී
ගින්න ටිකින් ටික ඇවිලෙයි වැස්සේ

සක්‍ය කුමාර නොවී ඉපැදෙන් පුත
සත්‍ය පිණිස මල් ඵල ගන්වන් පුත
ලෝක හිතාය ගතෝ පිය තුම පුත
සුවණ්ණ වණ්ණ සිහිනෙට පණ දෙන් පුත

2011

© Subhadra Jayasundara