ගින්දර


















සුන්දර ද ගින්දර ප්‍රොමිතියස්
රනින් රන් අරුමයක දැල්වෙනා
පෙමින් පෙම එකතු කොට
කින්නරක පපු කුහර අවුලනා
සුන්දර ද ගින්දර ප්‍රොමිතියස්

අන්ධකාරය කෙසේ වර නඟමි
කන්ද මැද හිරු සැඟව යනු දුටිමි
නින්ද තුළ දෑස් අවදිව තැබූ
සුන්දර ද ගින්දර ප්‍රොමිතියස්

සඳ වතුර ගිණි ගන්න වෙලාවක
ගින්දරක දැවී, නොදැවී හිදිමි
හිරු එළිය අඳුරක්ය කියාදී
ප්‍රොමිතියස් ගිණි ගෙනෙයි සිනාසී.

හදවතම කෝදුවක් කර ගමින්
විශ්වයක දිග මනින්නට හදමි
අඳුර මැද පෙරඹර ට ඇවිදින්න
ගින්දරක අසිරියෙන් ලොව දකිමි.

2011

© Subhadra Jayasundara