ගංවතුර


















පාන්දර ඇහැරිලා බලනකොට
වෙරළුගස් තොටුපළ උතුරලා

පහත් බිම උස් කියා හඟවමින්
ගඟ සුළඟ සමඟ නැළවුණ කැකුළු
හුස්ම හිරකරන මිරිදිය තුළ ට
අවසාන සුවඳ දී ගිහිල්ලා

නටඹුනුත් වළප්නා
කැඩුණු පාලම පටන් ගත්ත තැන
මම පමණි

ඉතිං කිසිදාකවත්
නේන බව කියා එවු කෙටි ලිපිය
ළඟ තියාගත්තෙ නෑ
ඉර ඉරා, පස් කමි ය  සිතාගෙන
කෙස් කඩා විසිකලා සත්තයි

නූස් බිම් - උස් කියා පෙනෙන්නේ
අතුරු සිදුරක් නැතිව
මල් පිරී තියෙනකොට
ගඟ දිය ද උතුරලා
වැලපුනාවත් ද රෑ
ආදරෙයි කියන්නට
බිම පුරා වෙලී එතුනා ද රෑ

ප්‍රේම‍යෙන් ප්‍රේමය ම ‍වර්ගිකෘත
තරම් මල් තිබුණු හෘදයක
මරණීය පාසාන
විකල්වෙන්නැයි යාදිනි යදි යි
හොඳ සිහිය නිමක් නැති දුක් ලබයි

කැඩුණු පාලම උඩින්
පියවරක් තබා යමි
දිය තවම උණුසුම් ය
ගුරුත්වජ ත්වරණය ට ඉඩ හරිමි…..
…………………

2012

© Subhadra Jayasundara